පසුගියදා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සභාගත කරන බව කී හඩ පට
එසේ ලබා නොදුන් බවටත් ඔහු රැවටිල්ලක් කළ බවටත් ආරංචි පැතිර ගියේය. නමුත් අද එම සීඩී පට ගැන නිල
ප්‍රකාශයක් නිකුත් වී තිබේ.
ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී තිබේ.
ඒ බව අද දින පාර්ලිමේන්තු මහලේකම්වරයා නිල වශයෙන් තහවුරු කළේය.
විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග කථානායකවරයා විසින් සාකච්ඡා කිරිමෙන් අනතුරුව කියනු ලබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.