ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග
කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයා බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා මෙම නියෝගය ලබාදී තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ඉදිරිපත් කළ තොරතුරුවලට අනුවය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ දිනයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කළේය.