මීට වසර ගණනාවකට ඉහත විවාහ ගිවිසගෙන සිටි රංගන ශිල්පිණී චතුරිකා පීරිස් හා රංගන ශිල්පී රොෂාන් පිලපිටිය දෙදෙනාම දැන් වෙනත් විවාහ දෙකකය. නමුත් ඔවුන් එක්ව සිටි කාලයේ දෙදෙනාම විවාහවී පදිංචියට යාමේ අදහසින් මහරගම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි බව කියැවේ. එහි ආයෝජනය දෙදෙනාම දැරූ අතර නිවසේ වැඩ අවසන්වන්නට පෙර දෙන්නා වෙනස්වීම නිසා
නිවසේ අයිතිය සම්බන්ධ නීති මාර්ගයෙන් විසඳාගැනීමට දෙදෙනාට යොමුවීමට සිදුවිය.

තවම එම නඩුව අහවර නැත. නිවසේ පදිංචිවී සිටින්නේ රොෂාන් හා රිද්මාය.
මේ අතරවාරයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන රොෂාන් සිය නිවස ගැන විස්තර රැසක් හෙළි කර තිබෙන අතර එහිදී ඔහුට එහි පූර්ණ අයිතිය ඇති බව ඇගවෙන සේ විස්තර සපයා තිබේ.
මෙම විස්තරය ගැටලුකාරී බව රොෂාන් හා පෙර විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් දන්වා ඇත.
ඇය අප සමග ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
ඇය ඒ ගැන මෙසේ පවසන්නීය.
'මම දැක්කා නෙයෙකුත් අවස්ථා වල මේ නිවස සහ ඒ පිළිබඳව ලොකු ප්‍රචාරයක් දෙනවා. මම ඇත්තටම මේ කතා කරේ නීතිඥවරයකුගේ උපදෙස් මත. මේ වෙනකොට මේක උසාවියේ නඩුවක් තියෙන property එකක්. ඉතිං මේ නිවස ගැන කියලා තියනවා මම දැක්කා. නමුත් මේ කියලා තියන විස්තර නිවස හදපු කාලේ, ඉඩම ගත්ත කාලේ ඒ ඔක්කොම දේවල් ඒ රූප රාමු දාලා තියෙන නිවසේ දේවල් වැරදියි. මම දන්නේ නැ වෙන නිවසක් ගැන කියනවද කියලා. මොකද ඔය නිවසේ මම හිතන්නේ දිග පළල මම තරම් දන්න වෙන කවුරුත් දන්නේ නැ.
එගොල්ලෝ ලොකුවට Advertise කරගෙන ලොකුවට කියලා තියෙනවා අනන්මනන් එගොල්ලන්ගේ.එවායේ ගත්ත බිල් ඉඳන් තියෙනවා තාම මං ළඟ.ඒවා උසාවියේ නඩු කියන Documents බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතිං ඒ නිසා එවාගේ උසාවියේ නඩුවක් තියෙන Property එකක් සම්බන්ධයෙන් මේ ආකාරයට අනවශ්‍ය ලෙස හුවා දැක්වීම වැරදියි. මාධ්‍ය තුළ එවැන්නක් පළ කිරීම පිළිබඳ මගේ නීතිඥවරයා කිව්වා ඒ බව දැනුවත් කිරීමක් කරන්න කියලා. කාටවත් ඒ ගැන මේ වෙද්දී අයිතිවාසිකමක් නැ. උසාවිය ඒ තීරණය දෙන්න ඕනේ ඒ නිවස එක්කෝ සම්පුර්ණයෙන්ම අපිට අයිති වෙනවද එහෙට අයිති වෙනවද එහෙමත් නැතනම් බෙදෙනවද කියන එක.

ඉතිං මේ වෙනකොට ඔය පෙන්නලා තියෙන නිවස ඔප්පුව තියෙන්නේ මගේ නමට Building Approval එක තියෙන්නේ මගේ නමට. සියලු දේවල් තියෙන්නේ මගේ නමට. රොෂාන් පිලිපිටියගේ නමටත් තියෙනවා කොටසක්. ඒ නිසා මේ වෙනකොට උසාවියේ නඩුවත් පවතින නිසා මම හිතන්නේ ඔය වටපිටාවේ ඉන්න සියලුම නිවස අවට ඉන්න මිනිස්සු දන්නවා ඔය ඉඩම ගත්තේ කවුද ඔය ඉඩමේ ගේ හැදුවේ කවුද ඔය ගෙදර මුල්ගල තිබ්බේ කවුද ඔය ගෙදරට ඉස්සෙල්ලා පදිංචියට ගියේ කවුද කියන කරුණු කරණා සියල්ල ඒ අවට මිනිස්සු දන්නවා.

මේ වේලාවේ උසාවි නඩුවත් තියෙන Property එකක් නිසා මම හිතන්නේ ඒක නීති විරෝධියි. නීතිය අනුව නම් එහෙම කරන්න බැහැ. .මුනිවත රැක්ක පමණින් එගොල්ලන්ට ඕන ඕන දේවල් කියන්න බැ.ඒ කියලා තියෙන සියලුම දේවල් බොරු කියලා  ඒ පෙන්නලා තියෙන කාල වකවානු බොරු කියලා මට ඔප්පු කරන්න පුළුවන්.මොකද සියලුම Documents ළඟ තියෙනවා. මේ වෙනකොට ඒවා මම උසාවියටත් ඉදිරිපත් කරලත් තියෙනවා. ඉතිං එගොල්ලෝ ඒ නිවසේ හිටියා කියලා ඒක එගොල්ලන්ගේ කියන්නත් බැහැ.

ඕනම මනුස්සයෙක්ට මම දන්න කරමට බොරු කියන්න පුළුවන්. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමන්ගේ හෘදසාක්ෂිය දන්නවා තමන් මේ කොතනද ඉන්නේ මේ නිවස කවුද හැදුවේ මේක කාගෙද කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේ විියට බොරු මවාපැම් කරන්න සමාජයේ ඉස්සරහ පිටට බැහැ. මට නම් එක ප්‍රශ්නයක් නැ ජිවිත කාලේම බොරු මවාපෑම් කරාට. මේ වෙනකොට ගංගොඩවිල උසාවියේ අධධිකරණයේ නඩුවක් පවතින Property නිසයි මම දැනුවත් වීමක් මාධ්‍යට කරන්නේ නැවත එවගේ දැමීමේන් වළකින්න.මොකද එක නඩු දේපළක් විදියට තමයි මේ වෙනකොට තියෙන්නේ. අපි විරුද්ධත් වෙලා නැ ඒ ගෙදර කවුරුත්  ඉන්නවට.මගේ පර්ශවයේ කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නැ ඉන්නවට මොකද අපි අමුනුෂ්‍යයෝ නොවන නිසා. අපි කිසිම වේලාවක විරුද්ධ වෙලා නැහැ. මම කියලා නැ නඩුවත් තියෙන නිසා එළියට යන්න කියලවත් මම කියලා නැ. නමුත් මේ වෙනකොට ඒ Property එක සම්බන්ධයෙන් නඩුවක් යනවා. ඉතිං ඒ නිසා මේක හරිම විහිළුවක්. ඔය බඩු ගෙනාපු ආයතන වල ඉන්න මිනිස්සු ඕක දැක්කාම හිනාවෙනවා ඇති සමහරක්විට. ඉතිං එගොල්ලෝ එ දේවල්ම පාවිච්චි කර කර ඒවා ලොකුවට හුවා දක්වීම සම්බන්ධයෙන් ඇත්තටම මම දකින්නේ විහිළුක් හැටියට.


මට තියෙන ප්‍රශ්නේ තමයි උසාවියේ නඩුවත් පවතින දේපළක් නිසා මේ ගැන වැඩිදුරටත් කවුරු හරි අදහස් දැක්වීමේන් එගොල්ලන්ටත්  අපි නීත්‍යානුකුල පියවර ගන්න සිද්ධ වෙනවා.උසාවියේ නඩුවක් යන දේපළක් වෙනුවෙන් අපිට කියන්න බැනේ මගේ කියලා. මම කවදවත් කියලා නැනෙක් මගේ කියලා.මට මගේ කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔප්පු කරන්න බුළුවන් දේවල් තියෙනවා. ඒ උනාට මම එහෙම කියලා නැ. හේතුව මේවෙනකොට නඩුවක් පවතින නිසා. ඒක ගරු උසාවිය තීරණය කරන්න ඕන මේක කාගෙද කියන එක. මේක දෙගොල්ලන්ටම දෙනවද මෙක මෙයාට දෙනවද ඒක උසාවියේ නඩුව කියලා තීරණය වෙන්න ඕන. එතකන් මේක මගේ කියලවත් එක එයාගේ කියලවත් අපිට කියන්න බැ. හැබැයි ඉතිං මට මගේ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක අනන්ත අප්‍රමාණ තියෙනවා ඔය ඒ පිංතුර වල දාලා තියෙන ගේ ගැන නම්. එකේ පර්චස් ප්‍රමාණය දාලා තියෙනවා තනිකර වැරදි.  ඒ බොරු. ඉඩම ගත්ත වර්ෂය දාලා තියෙනවා බොරු. නිවස හදපු වර්ෂය ලියලා තියෙනව බොරු. ඒ දේවල් වල ලිඛිත Documents තියෙනවා. ඒ ඇතුලේ Interior Plan ඔක්කොම මං ගාව තියෙනවා. ඒ පිංතුර දාලා තියෙන එක බොරු කියන එක තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඒක නීත්‍යානුකුලව මේ වෙනකොට උසාවියේ නඩුවක් පවතින නිසා. ඒක ඉතිං මම ගරු උසාවියට තමයි තීරණේ කරන්න ඉඩ දීලා තියෙන්නේ.