සුගියදා කොරෝනා ආසාදනය වූ ලුවෝ යං නමැති චීන කාන්තාව සම්බන්ධයෙන් හා ඇයට රෝගය වැළඳුණ ආකාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය කරුණු සමාජ මාධ්‍ය තුළ පළවන බව පවසමින් ඒ ගැන ඇත්ත හෙළි කිරීමට ඇය ලංකාවේ සංචාරය කළ කාලයේ සංචාරක මාර්ගෝපදේශිකාව ලෙස කටයුතු කළ කවින්දි හංසමාලි
නමැත්තිය මාධ්‍ය වෙත ඉදිරිපත්ව සිටින්නීය. ඇය මෙසේ පවසා ඇත.
'ලෙඩ වුනේ මාත් එක්ක ගිය චීන කාන්තාවක්. එයාගෙ නම ලුවෝ යං 19 වනදා මං ගත්තු ටුවර් එකේදී තමා මේ ගෙස්ට්ව මට හමුවුනේ. 20 දෙනෙක්ගෙන් යුත් කන්ඩායමක තමා මෙයා හිටියේ. 19 ඉඳලා 25 වෙනකං මෙයාට අසනීපයක් තිබ්බෙ නෑ.නමුත් 25 ඩිපාර්චර් දවසෙ තමා මෙයාට උණ හැදුනේ.
ඇයට එහෙම කිසිම රෝග ලක්ෂණයක් මුලදි තිබ්බෙ නෑ. නමුත් මගේ ක්ලයන්ට්ස්ලා ඔක්කොම ආවේ වූහාන් වලින්. එයාලට දුම්රියේ යන්න තිබ්බා කළුතර ඉඳලා කොල්ලුපිටියට. ඒත් ඒක අවලංගු වුණා.

අපි අරගෙන ගියේ නෑ.ඊට පස්සෙ අපි කොළඹ නගර චාරිකාව කළා අපේ බස් රථයෙම තියාගෙන.ඊට පස්සෙ අපි නිදහස් චතුරශ්‍රය ළග ඔවුන් බැස්සුවා.
ඒ ගුවන් තොටුපළට යන්න කලින්. එතැනදි තමා එයා කිව්වෙ එයාට උණ හැදිල තියනව තියලා. ඒ රෝග ලක්ෂණය අපි දැනගත්තෙ ගුවන් තොටුපළ ට යන්න කලින් නිදහස් චතුරශ්‍රයෙදි.

ඊට පස්සෙ මම 1990 ට කතාකරලා එයාවයි එයාගෙ හස්බන්ඩ් වයි සුවසැරියෙ එක්ක ගියා අයිඩීඑච් රෝහලට. ෆේස් බුක් වල ඒ අය ගැන යන ආරංචි ගොඩක් බොරු යන්නෙත් වැරදි පොටෝ.
 මිනිස්සු අනියත බියක් ඇති කරගෙන තියනවා අපි දිවා ආහාරය ගන්න ගිය තැනට බලන්න ගියපු තැන්වලට යන්න බය හිතිලා. නමුත් ඒ කාන්තාව එක්කම දවස් ගාණක් හිටපු ස්වාමි පුරුෂයාත් හොඳින් ඉන්නවා.අපි හැමෝම ගියපු ටීම් එකම මේ වෙද්දි හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.ඒ නිසා බය වෙන්න කිසිම හේතුවක් නෑ'