කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරිම සඳහා රථවාහන පොලිසියේ සහායට යොදවා ඇති සමග යුද හමුදා පොලිස් නිලධාරීන්ට අමතරව ඊයේ 26 වැනිදා සිට නාවික හා ගුවන් හමුදා
සාමාජිකයන්ද රාජකාරියේ යොදවා ඇති බව ආරක්‍ෂක අමාතශය පවසයි. ගුවන් හමුදා මූලස්ථානයට හා නාවික හමුදා මූලස්ථානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගවල රථවාහන රාජකාරි සඳහා ගුවන් හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් යොදවා ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අධික රථවාහන තදබදය හේතුවෙන් නිකරුණේ වැයවන කාලය අවම කරගැනීම සඳහා වන මෙම වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ඉකුත් 24 දින සිට ක්‍රියාත්මක කළ බව ද ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. දිනපතාම පෙරවරු 6.00-10.00 සහ පස්වරු 4.00-7.00 කාලය තුළ මෙම පිරිස රථවාහන පොලිසිය සමග එක්ව මෙම කටයුතු සඳහා යොදවා ඇති බව ද හමුදාව සඳහන් කරයි.  ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රථචාහන පොලිස් නිලධාරීන් සමග එක්ව රථවාහන හැසිරවීම සිදු කරන බව ද හමුදාව පවසයි.


-ඉන්දිකා රාමනායක-