එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිත බවයි.
එම සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
චීනයේ හුබෙයි පළාතේ පදිංචිකාරියක් වූ 43 හැවිරිදි ඇය මෙරට සංචාරයට පැමිණ සිටියදී පසුගිය මස 26 වැනි දා කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතුවීමත් සමග රෝහල්ගතවූ අතර පසුව කළ පරීක්ෂණවලදී ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.
මේ අතර විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට මහනුවර හා කරාපිටිය රෝහල්වල කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු පමණක් ප්‍රතිකාර ලබන බවයි.