කරයි. ‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය
“මේ විනය පරීක්ෂණ දාලා තියෙන්නෙ කාටද ? පොහොට්ටුවෙ මැතිවරණ වේදිකාවට ගොඩවෙච්චි අයට. හැබැයි සජිත් ප්‍රේමදාසගෙ වේදිකාවට ගොඩවෙච්ච සමහර අයට විනය පරීක්ෂණ නෑ. ඉතිං සජිත් ප්‍රේමදාස මහත්තයගෙ වේදිකාවට ගොඩවෙච්චි අයට විනය පරීක්ෂණ නෑ කියන කාරණය තුළම පොහොට්ටුවට එකතු වෙච්චි අයට විනය පරීක්ෂණ තියනවා කියන කාරණය තුළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියන ආදරය පිළිබඳ ප්‍රශ්නාර්ථ ලකුණක් මතුවෙනවා නේද ?
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) තමන්ට එරෙහිව ශ්‍රීලනිපය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.