“ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාන දිනේෂ් ගුණවර්ධන මහතා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (26) නිල වශයෙන් දැනුම් දුන්නේය. ස්වීට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. 2015 ජනවාරි මාසයේ දී බලයට පත්වූ ඉකුත් ආණ්ඩුව පල දරමින් තිබූ දේශීය සංහිඳියා හා ප්රතිසන්ධාන ක්‍රියාවලිය ඉවත දැමූ බව ද අමාත්‍යවරයා එහිදී කීවේය..
රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරවාරයේදීම මිට පෙර පැවැති වාර්තා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ මොනවාද විමසා බලන බව ද හෙතෙම අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2030 සමග සමාන්තරව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. නීතිය අනුව තනි පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යුක්තිය හා සාධාරණත්වය සුරක්ෂිත කිරීම, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රත හා ගැටලු විසඳීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරිවරිය සමග සාකච්ඡා කළ බව ද ඔහු එහිදී දැනුම් දුන්නේය.
මානව හිමිකම් සහ ඒ ආශ්රිත කටයුතුවලදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් දේශීය ප්‍රමුඛතා හා ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් එක්සත් ජාතීන්ගේ සහ ඊට අනුබද්ධිත ආයතනවල සහයෝගය ලබාගන්නා බවද විශේෂයෙන්ම හැකියාවන් හා ධාරිතාවන් වර්ධනය කරගැනීමටත් ඊට අමතරව තාක්ෂණීක ලබාගැනීමටත් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරිම පිළිබද 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.
-තිළිණි ද සිල්වා-