සිදුවූ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (24දා) කරන්දෙණියේ පැවති පාසල් උත්සවයකදී පැවසීය.
ඒ මීට කලින් ක්‍රීඩා උත්සව හැර අනෙක් උත්සව සඳහා පාසල්වලට කාලය ගත යුත්තේ පැයක කාලයක් යන චක්‍රලේඛයද අමාත්‍යවරයා අතින්ම කඩවූ බව පිළිගනිමින් ඒ සඳහා සමාවද ගත්තේය.
හෙතෙම මේ බව පැවසුවේ, කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේ ඉදිකරනු ලැබූ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
මේ දිනවල මහ පොළවට වැටෙන අව්ව සමට අහිතකර බැවින් පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අව්වෙන් පාසල් සිසුන් ආරක්ෂා කිරීමට මේ චක්‍රලේඛය පැනවූ බව පැවසු ඩලස් මහතා ඒ අවස්ථාවේ තමාගේ කතාව අව්වේ සිට අසාගෙන සිටි සිසු සිසුවියන් හෙවණකට යැවීමටද කටයුතු කළේය.
- එම් සුසිල් ප්‍රියන්ත -