ව හැවිරිදි දැරියකට කෘර ලෙස වධහිංසා කරමින් පහරදුන් බවට දැරියගේ පියා සහ කුඩම්මා පෙරේදා (1) ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. මෙකී දැරියගේ පියා රියැදුරකු ලෙස රැකියාව කරන අතර ඔහු රැකියාට යන විටදි දැරිය නිවසේ ගැටගයා යන බව පොලිස් පරික්ෂණවලදි
අනාවරණය වී ඇත. දැරීය තමන්ගේ දත් රිදෙන බව කී විට අඩුවකින්  දැරියගේ දත් දෙකක් ගලවා ඇති බවද පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී  ඇත.

දැරියගේ සිරුරට උණුවතුර දමා  ඇති අතර කුඩම්මා ඇයට වේවැලකින් පහරදී ඇති බවද පොලිස් පරීක්ෂණවලදි

අනාරණය වී ඇත.  දැරීයට ඇයගේ පියා සහ කුඩම්මා අමානුෂික ලෙස වධහිංසා කොට ඇති අතර දැරිය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. කුලී නිවෙසක සිටියදී පියා සහ - කුඩම්මා අත්අඩංගුට ගෙන ඇත.  දැරිය වදහිංසාවලට ලක්වන බව  දැනගෙන ඇති ඇයගේ ආත්තම්මා ඇය රැගෙන යාමට පැමිණ ඇති අතර පසුව දැරියගේ පියා විසින් දැරිය කෝදාගොඩ, 22 කණුව ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලිසිය විසින් දැරිය රැගෙන රෝහල්ගත කරනු ලැබීය.

මෙකී දැරියගේ මව මිට වසර පහකට පමණ පෙර වෙනත් පුරුෂයෙකු සමඟ ගොස් තිබේ. පසුව එම පුරුෂයාගෙන් ද ඇයට දරුවකු ලැබී ඇත. පසුව ඇය දරු දෙදෙනා හා එම පුරුෂයා ද දමා වෙනත් පුරුෂයකු සමග ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය  වී ඇත. පසුව ඌරුබොක්ක  පොලිසිය මඟින් මෙකී දැරියගේ පියා වන සැකකරු ගෙන්වා දැරිය ඔහුට භාරදි ඇත.

සැකකාර පියා ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ වනවිට ඔහු වෙනත් කාත්තාවක සමග විවාහ වී සිටින අතර ඇයට දාව දරුවකු සිටින බවද පොලිසිය පවසයි. දැරිය පියා ළඟ සිට ඇති අතර එහිදි මෙකී දැරිය දැඩි කෘර වධහිංසාවලට ලක්කොට ඇති බව පොලිසිය පවසයි. සැකකාර පියා 29 හැවිරිදි වියේ පසුවන අයෙකි. කුඩම්මා සුරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාර පියා හා කුඩම්මා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


-ජේ.කේ.එල්.චාමින්ද-