ඉන්දියානු රජය සමග සාකඡා කර එරටින්  බි ලූනු ගෙන්වීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ
මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් මහනුවරදී පෙරේදා (23) බැහැදැකීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
දෙමිනි. අගමැතිවරයා එහිදී මෙසේ ද කීය.

“ඇතැම් කුඨ වෙළෙඳුන් බි ලුනු සඟවා තබා ඒවායේ මිල වැඩි කර තිබෙනවා. වැඩි මිලට බී ලුනු විකුණන අයට එරෙහිව  වැටලීම් සිදුකර නීතිය හමුවට ගේන්න පියවර ගන්නවා. අදත් බී ලූනු රුපියල් 150කින් මිල වැඩි කර තිබෙනවා. අපි ඒ නිසා ඉන්දියාව සමග සාකච්ඡා කර ඉන්දියාවෙන් බී ලූනු ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නවා." යැයි අගමැතිවරයා පැවැසීය.

පාරිභෝගික ජනතාවට බී ලූනු සාධාරණ මිලකට ගැනීම සඳහා උත්සව සමයේ ඉන්දියාවෙන් බී ලූනු ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එවිට රජයට එරෙහිව කුමන්ත්‍රණකාරි ලෙස ගෙන යන වෙළඳ මාෆියාව නැවැත්වීමට හැකිවන බවත් අගමැතිවරයා පැවැසීය.

-ජි.ඒ.එල්.ජයසිංහ-