වාර්තාවේ සඳහන් වන අන්දමට මෙරටට පැමිණ අන්තවාදී දේශන පවත්වා ඇතැයි පැවැසෙන්නේ තමිල්නාඩුවේ අන්තවාදී මුස්ලිම් නායකයකු වන පී. ජෙයිනුල් ආබ්දීන් හා ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කර ගනිමින් ලෝකය පුරා අන්තවාදී අදහස් පතුරුවන්නකු ලෙස හැඳින්වෙන සාකීර් නායික් යන දෙදෙනාය.
මෙවැනි නීති විරෝධි පැමිණීම් වැළැක්වීමට ආගමන විගමන නීතිය යාවත්කාලීන කළ යුතු බවට ආංශික කමිටුව රජයට නිර්දේශ කරයි. මේ අතර දිවයින පුරා මද්‍රසා ආයතන දහසකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන ගිය ද ඉන් ලියාපදිංචි කර ඇත්තේ 317ක් පමණකැයි ද කමිටුව පවසයි. මද්‍රසා ආයතනවල සිසුන් 25,000ක් පමණ සිටින බවට අනුමාන කරන ආශික කාරක සභාව මනා කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යෑම පහසු කිරීම සඳහා මෙරටේ පවත්වාගෙන යා යුතු උපරිම මද්‍රාසා ආයතන සංඛ්‍යාව 50කට සීමා කළ යුතු බවටත් යෝජනා කර ඇත.
එසේම මද්‍රසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා 2023 වනවිට පොදු අධ්‍යාපන ක්‍රමයට අන්තර්ගග්‍රහණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකසන්නැයි ද යෝජනා කර ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට බාරදී ඇති වාර්තාවකයි.. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ කාරක සභාවේ සභාපති පාරිලිමේත්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාය.