කැලණිය සරසවියේ පාරිපාලකයින් විසින් සරසවියේ ආරක්ෂාව පිණිස මෑතකදී සවිකර තිබූ සීසීටීවී කැමරා උපකරණ පද්ධතියට එම සරසවියේ ශිෂ්‍ය සංගම් පසුගිය දිනවල විරුද්ධවී සිටි අතර අද (25) උදෑසන වාර්තා වූයේ සක්‍රීයව පටිගත වෙමින් තිබුණ එම පද්ධතිය ක්‍රියා විරහිත කර
ඔවුන් බලහත්කාරයෙන් එම උපකරණ ගලවා පරිපාලන අංශ වෙත භාරදී ඇති බවයි.
කැලණිය සරසවියේ ආරක්ෂාව පිණිස සීසීටීවී පද්ධතියක් සවිකිරීමේ

අවශ්‍යතාව කාලයක සිට වාද විවාද සම්පන්න කාරණාවක් බවට පත්ව තිබුණකි. සිසුන් පවසන්නේ තමන් මර්දනය පිණිස මෙම වීඩියෝ උපකරණ උපයෝගී කරගන්නා බවයි. සිසුන්ගේ විරෝධය නිසා එම පද්ධතිය සවිකිරීම පමාවූ අතර පසුගිය පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාවෙන් පසු ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා මතුවූ නිසා එම විරෝධතා වලට සාධාරණ හේතු පෙන්වා  මෙම පද්ධතිය සවිකිරීමට පරිපාලනයට හැකි විය. කෙසේ වෙතත් සිසුන් කොටසකගේ විරෝධය මෙයට එරෙහිව දිගටම පැවතිණි. බලහත්කාරයෙන් එම උපකරණ ගලවා පරිපාලන අංශ වෙත භාරදී තිබෙන ඔවුන් ඒ ගැන ෆේස් බුක් ඔස්සේ පහත සටහනද දක්වා තිබේ.