වර්තමාන රජය රැකියා 100,000ක් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවත් රැකියාවක් ලබා ගැනීමට උසස් පෙළ සමත් වීම සුදුසුකමක් ලෙස පෙර පැවතියද මෙම රැකියා ලක්ෂය සඳහා සුදුසුකම වන්නේ උසස්පෙළ අසමත් වීම බව ඔහු කියා සිටියේය.
අග්‍රාමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (2020.02.24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල දිගුකාලයක් තිස්සේ පදිංචිව සිටියත්, ඉඩමක අයිතිය නොතිබූ 2500ට මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ මේවන විට රජය මඟින් විශාල බදු සහන ලබා දෙමින් ජනතාවට ව්‍යාපාරිකයන්ට, කර්මාන්තශාලා හිමිකරුවන්ට විශාල ‌ධෛර්යයක් , විශ්වාසයක් ලබා දී ඇති බවයි.