ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම එහි නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
මහමැතිවරණයට එක්ව තරඟ කිරීමේදී මෙන්ම ඒ සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී මතු වන ප්‍රායෝගික ගැටළු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායකවරුන් වන අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු නිලධාරීන් මණ්ඩලය ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතයි.