හැරී කුමරු සමඟ මෙගන් මාර්කල් රාජකීය පවුලෙන් ඉවත්වන බවට නිවේදනය කළ පසු පැනනැගුණ ප්‍රධන ගැටලුවක් වූයේ මේ දෙදෙන රාජකීය පවුලෙන් ලද ආදායම අහිමිවීම නිසා ඉදිරියට තමන්ගේ ව්‍යාපාර අරඹනු ඇති බවයි. නමුත් හැරී කුමරු එවැනි පළපුරුද්දක සිටි අයෙකු නොවුණත් ඔහුට
තමන්ට කියා රස්සාවකට යාහැකි බව කියැවුණි. කෙසේ වෙතත් ගෙන් මාර්කල් කාලයක් බටහිර හොලිවුඩ් රසිකයින් අතර සුවිශේෂ නමක් දිනා සිටි නිළියකි. ඇය හොලිවුඩ් චිත්‍රපටවලින් නෙැසෑහෙන්න ආදායම්ද ලැබුවාය.
මේ නිසා නිශ්චිත සැකය වන්නේ ඇය හා හැරී
ඉදිරියේදී ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට මෙම චිත්‍රපට රංගනය භාවිත කරනු ඇතිය කියාය.
රාජකීය යුවළ මූල්‍යමය ස්වාධීනත්වය අපේක්ෂා කිරීම මත තවත් කටකතා පැතිර ගියේ සුප්‍රකට සිනමා කර්මාන්ත සමාගමක් වන නෙට්ෆ්ලික්ස් සමග මේගන් මාක්ල් ගිවිසුම් ගතවන්නට යන කතාවකි.
 මේගන් මාක්ල් ඇගේ කැනේඩියානු නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනය සඳහා හොඳ මිතුරියක් වන ජෙසිකා මල්රෝනි සමඟ නැවත තිරයට පැමිණෙන බවටද කටකතා පැතිර ගියේය.
ඒ කටකතාව පැතිරෙන අවස්ථාව වනවිට ඔවුන් රජපවුලෙන් ඉවත්වී නොතිබූ නිසා කටකතා පැතිරෙන්නට පටන් ගත් දා සිට, මාළිගා ආරංචි මාර්ග මෙම ප්‍රකාශයන් පිළිබඳව ආන්දෝලනයක් හටගත් බවද වාර්තාවී තිබේ. සසෙක්ස් හි ආදිපාදවරිය නෙට්ෆ්ලික්ස් රියැලිටි වැඩසටහන වන 'අයි ඩූ, රෙඩෝ' හි පෙනී සිටීමට අදහස් කළ බව වාර්තාවී තිබු අතර ඇය විවාහ වීමත් සමග බැඳී සිටි රජපවුලේ නීති අනුව එවැනි කටයුත්තක නියැළිමට ඇයට අවසර නොතිබීම විවාදයට හේතු විය.
කෙසේ වෙතත් මෙගන් MailOnline වෙත
නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම කටකතා තරයේම අසත්‍ය බව ඇය කියා සිටි බවයි. ප්‍රදර්ශනය සඳහා නෙට්ෆ්ලික්ස් සමඟ හවුල් වූ වාර්තා ඇය ප්‍රතික්ෂේප කළාය.
කෙසේ වෙතත් ඔවුන් ස්වාධීන වූ පසුව මෙම කටකතා යළි කරළියට ආවත් ආරක්ෂක හේතුනෟ මත ඇය රගපාවිද යන්න ගැන හොලිවුඩ් වෙබ් අඩවි සැක පළ කර තිබේ.
මේ වන විට, මේගන් මාක්ල් හොලිවුඩයට නැවත පැමිණෙන බවක් නොපෙනේ. මේ අනුව, මේගන් සහ හැරී කුමරුට ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා ස්ථිර සැලැස්මක් නොමැති බවද වාර්තා කර ඇත. පෙනෙන ආකාරයට, ඔවුන් රාජකීය භූමිකාවන්ගෙන් ඉවත්ව සිටියද, ඔවුන්ගේ අතිරික්ත ජීවන රටාව සඳහා තවමත් රාජකීය මාළිගාව අරමුදල් සපයන බවත් පෙනෙන්නට තිබේ.
කැනඩාව ඔවුන්ගේ මෙහෙයුම් පදනම වීමත් සමඟ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර කාලය වෙන් කරන බව සසෙක්ස් යුවළ නිවේදනය කළහ. මෙම තීරණයට කැනේඩියානු පුරවැසියන්ගේ විවේචන හා විරෝධතා එල්ල වී ඇති අතර මේගන් සහ හැරීගේ  අතිරික්ත ජීවන රටාව සඳහා වන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීම එම විරෝධතාවයට මුල විය. වෙළඳසැලක් ආරම්භ කිරීම සඳහා මේගන් කැනඩාවේ සුඛෝපභෝගී මන්දිරයක් දෙස බලා සිටි බවක්ද මේ අතර හොලිවුඩ් වෙබි අඩවි වාර්තා කර තිබේ.