මිනුවන්ගොඩ විවිධ සේවා සමුපකාරයට අයත් සුපිරි වෙළඳසැල් සෝපානය කඩාවැටීමෙන් එහි ගමන් කළ සේවකයකු ඉකුත් 31 වැනිදා රාගම ශික්ෂණ රෝහලේදී මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 30 වැනිදා සවස 6.30 ට පමණ
තෙවැනි මහලේ පිහිටි
ගබඩා කාමරයෙන් වෙළඳසලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා සෝපානයට භාණ්ඩ පටවා පහළට ඒම සඳහා සේවකයින් දෙදෙනාද සෝපානයට නැගීමෙන් අනතුරුව සෝපානය කඩාවැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වි තිබේ.

මිනුවන්ගොඩ, වෑගොව්වේ පදිංචි සනුක මධුෂාන් නමති 27 හැවිරිදි අවිවාහක තරුණයා මියගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් සේවකයා රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.