මීට වසර 8 කට පෙර 2012  ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ නිර්භයා නමැති තරුණිය  සමූහ දූෂණය කිරීම සහ මිනීමැරුම සිදු කළ නඩුවේ විත්තිකරුවන් සිව්දෙනාගේ මරණ වරෙන්තුව
මරන්න දවසක් තිබියදී දිල්ලි අධිකරණය විසින් සිකුරාදා කල් තබන ලදී. වැරදිකරුවන් සිව්දෙනාගේ අභියාචනය මත අතිරේක සැසිවාර විනිසුරු ධර්මේන්ද්‍ර රානා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම වැරදිකරුවන් සිව්දෙනා පෙබරවාරි 1 වනදා එල්ලා මැරීමට නියමිතව තිබූ අතර එය  තහනම් කරන ලෙස අභියාචනයෙන් ඉල්ලා සිටියහ.
පවන් කුමාර් ගුප්තා,
විනයා කුමාර් මිශ්‍ර, අක්ෂේ කුමාර් සහ මුකේෂ් කුමාර් සිං යන 4 දෙනා චුදිතයින් කර මරණ දඩුවම පසුගිය ජනවාරි 17 වනදා නිකුත් කෙරිණි. එක් චූදිතයෙකුගේ කරුණු සලකා බලන අයදුම්පතක් විභාග වෙමින් පවතින අවස්ථාවක 4 දොනගේ එල්ලා මැරීමට අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි බව නීති රීති වල සඳහන් බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තර්ක කළේය.
 පෙත්සම ජනවාරි 17 වන දින ලබාදුන් තීන්දුවට සමාව ලබාදෙන ලෙස ඉන්දීය ජනපතිගෙන් චූදිතයින් ඉල්ලා තිබුණත් ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණි.
පෙබරවාරි 1 වන දින උදේ 6 ට තිහාර් බන්ධනාගාරයේ දී වැරදිකරුවන් සිව්දෙනා එල්ලා මැරීමට පහළ අධිකරණය ජනවාරි 17 වන දින දෙවන වරටත් මරණ වරෙන්තුවක් නිකුත් කර තිබු නමුත් අවසන් මොහොතේ නීති තර්කය අනුව මරණ වරෙන්තුව කල් ගොස් තිබේ.
මේ අය විසින් 2012 දෙසැම්බර් 16 වන දින රාත්‍රියේදී 23 හැවිරිදි පරිපූරක වෛද්‍ය සිසුවියක වූ නිර්භයා දකුණු දිල්ලියේ  බස් රථයකදී සමූහ දූෂණයට ලක් කර තිබූ අතර සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගියාය.