ලංකා විදුලි බල මණ්ඩලය අද දින (03දා) සිට රට පුරා පැය 2 බැගින් කාණ්ඩ 4 ක් යටතේ විදුලි බලය කප්පාදු කිරීම සිදු කළේ පාරිභෝගිකයින් දැනුවත් නොකරය.

මෙයටහේතුවී ඇත්තේ
විදුලි බල මණ්ඩලයට තවදුරටත් ණයට ඉන්ධන සැපයීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමය. ඒ අනුව අද දින (03දා) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගැනීම නිසා උද්ගත වූ තත්ත්වය මත  දිනකට පැය දෙකක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවිය.
මෙම ආයතන දෙකම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යටතේ පැවති අතර අභ්‍යන්තර ප්‍රශ්නය විසඳාලන්නට ප්‍රමාදවීම මත රටේ ජනතාවට අනවශ්‍ය විදුලි කප්පාදුව නිසා පීඩා විඳින්නට සිදුවිය.
කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමතිවරයා අද උපදෙස් දී ඇතැයිද එම පොරොන්දුව නිසා ප්‍රශ්නය විසඳී ඇතැයිද වාර්තා විය.
දිගටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විදුලි බලය පැය දෙකකින් කපා හැරීම ඒ අනුව අත්හිටුවා ඇති අතර
නැවතත් අඛණ්ඩවම විදුලිබලය  මහජනතාවට සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.