මෑතකදී බාලාපචාර චෝදනාවකට ලක්ව තිබෙන ප්‍රියාන් පුෂ්පකුමාර යන ව්‍යාපාරිකයා සිය දේශපාලන හිතවත්කම් යොදාගෙන අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බව දක්වා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් අසරණවූ දැරියගේ අයිතිවාසිකම්
සුරකින ලෙසත් ඉල්ලා
ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිටදී ඊයේ සමාජ ක්‍රියාකාරිනියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. එම ක්‍රියාකාරීන් අතර ප්‍රකට නිළියන් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකුද විය.