දෙරණ නාලිකාවේ නිවේදිකා පූර්ණිකා පීරිස් එම නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන සරසවි කථිකාචාර්යවරයෙකු වන පේෂල මනෝජ් සමග පසුගිය සතියේ විවාහ විය. පූර්ණිකා ඊට පෙර දෙරණේම නිවේදකයෙකුවූ සහන් අබේසේකර සමග විවාහයෙන්  ලද පස් හැවිරිදි දරුවෙකුගේ මවකි.
ඇය ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්ගේ නැගණියයි.
කලකට පෙර චතුරිකා විවාහ ගිවිසගෙන සිටි රොෂාන් පිලපිටිය අතැර දෙදරු පියෙකුවූ ගයාන් සමග විවාහයක් සිදු කරගත් ආකාරය ගැන ඇතිවූ ආන්දෝලනාත්මක කථාබහට හා සමාන කමක් දක්වමින් 2017 වසරේ පෙබරවාරි මාසයේදී පූර්ණිකා
සහන්ගෙන් වෙන්වීම සිදුවූ අතර එයට හේතු ලෙස කිසිවක් ඇය නොකීවාය. නමුත් සහන් පුවත්පතකට දන්වා සිටියේ පේෂල  සමග පූර්ණිකා අපාර්ට්මන්ට් එකක සිට හසුවූ බවයි. මෙම කතාව පූර්ණිකා වෙනුවෙන් ප්‍රතික්ෂේප කළේ චතුරිකාගේ සැමියා ගයාන්ය. ඔහු කියා සිටියේ එය පට්ටපල් බොරුවක් බවත් පිරිමි-පිරිමි ඇසුරක් කරන සහන් අතැර යාමට පූර්ණිකා තීරණය කළ නිසා සහන් මඩක් පතුරා ඇති බවයි. චතුරිකා රොෂාන්ව හැරගිය කාලයේත් ගයාන් රොෂාන්ව හඳුන්වා තිබුනේ ඒ ආකාරයටය.
--------------------
ගයාන් මේ ගැන ඒ දිනවල ගොසිප් ලංකා කළ විමසීමේදී මෙසේ කියා තිබුණි.

‘මං පූර්නිකා නංගිත් එක්ක ඉතාමත් ළඟින් ආශ්‍රය කරනවා. මං දන්නව මෙතන වෙච්ච දේ මොකක්ද කියලා. අපාර්ට්මන්ට් එකක ඉඳලා අහුවුණයි කියන එක අමූලික බොරුවක්. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුනේ නැහැයි කියල. මෙතන වුණේ වෙන දෙයක් මූ මේවෙන පිරිමි සම්බන්ධකම් තිබිල මාට්ටු වුණාට පස්සෙ ගෑනි ළමයත් අරගෙන ගෙදර ආවා. එයා නංගිගෙ ජිප් එකත් අරගෙන ගියා. දැන් නංගිගෙ ජිප් එකත් අරගෙන එයා ගෙදරින් බාගෙකුත් ඉල්ලනවා. චතුරිකාටත් වුනේ ඔය වගේම දෙයක් තමයි. බලන්න මේ අවුරුද්ද මැද වෙනකොට ඔය කියන හැමෝටම නීතියෙන් ඒ දේවල් අහිමි වෙන හැටි‘


එතකොට පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් ගැන පැතිරිල තියන කතාව?

 පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් තියනව කියල තමා මූ ප්‍රශ්නෙ වෙන පැත්තකට යොමු කරන්නෙ. පේෂලත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න අපි ඉඩ දෙනවද .
එයත් බැඳපු කෙනෙක්නෙ .අනිත් එක පේෂලගෙ ලයිෆ් ස්ටයිල් එකත් හරිම වෙනස්. නංගිට එයත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න ඕන නෑ.හැබැයි එහෙම දෙයක් වුණත් මං සංතෝෂ වෙනවා. එයා පිරිමි පිරිමි කෙනෙක් නොවන නිසා.මං නං කියන්නෙ මුට්ට කරගහන එක්කෙනෙක් එක්ක නංගි ගියත් කමක් නෑ මේ වගේ xxxxx එක්ක යන්නෙ නැතිව.
-------------------------

 කෙසේ වෙතත් 2017 පෙබරවාරි මාසයේ රිවිර පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පේෂල මෙවැනි සම්බන්ධයක් පූර්ණිකා සමග නැති බව කියමින් සම්පූර්ණයෙන් සියලු කතා ප්‍රතික්ෂේප කළේය.
ඔහු විවාහකයෙකු බව ගයාන් පවසා තිබුණත් මව පියා සමග ජීවත්වන තනිකඩයෙකු ලෙසද පුවත්පතට එකල විස්තර කර තිබුණි. පෙෂල පුවත්පතට මෙසේ කීවේය.

ජනප‍්‍රිය පවුලක් කඩලා ඒ පවුල එක්ක පේෂල පවුල් වෙන්න සුදානම් කියලා ආරංචියි.ඇත්තද මේ කතාව..?
ඔය කතාව ඔය විදිහටම මටත් ආරංචි වුණා. ඒත් ඒ කතාවේ නම් ඇත්තක් නැහැ. මොකද මට හොඳ පවුලක්  කඩලා පවුලක් හදන්න වුවමනාවක් නැති නිසා. ඒ වගේම කියන්න ඕන පවුල් ජීවිතේ හොඳට තිබ්බා නම් කැඩෙන්නෙත් නැහැනේ ඔය කියන විදිහට. ඔය කතාව අමූලික බොරුවක්.

ඇය එක්ක වෙනම ජීවත් වෙන කතාව..?
ඔය කියන කතාව පතුරන අයගෙන් තමයි අහන්න වෙන්නේ මොන පදනමක් යටතේද මාව ඒ අයගේ කතාවට එකතු කරගත්තේ කියලා. මම අපාට්මන්ට් එකක ඔය කියන කෙනා එක්ක ජීවත් වෙනවා කියනවා. ඒත් මම ජීවත් වෙන්නේ මගේ අම්මයි, තාත්තයි එක්ක. මම උදේට ගෙදරින් වැඩවලට ගිහිං එනකොට රෑ වෙනවා.මගේ අම්මා තමයි මට කෑම බීම හදලා දීලා මගේ රෙදි ටික පවා හෝදලා දෙන්නේ.


ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතිලූ?
ගින්න ඇවිළුව කෙනාගෙන්ම තමයි අහන්න වෙන්නේ. ගින්නක් නැතිව දුමක් නැග්ගේ කොහොමද කියලා. අපි දුප්පත් සාමාන්‍ය මිනිස්සු. හැදිච්චකම තියෙනවා. මට ඒතරම්ම අවශ්‍යයි නම් පුර්ණිකා පීරිස් කියන නිවේදිකාව ඩිවොස් වුණාට පස්සේ ජෙනුයින් විදිහට බඳිනවා. එයාව නෙමෙයි කාව වුණත්. ඒත් මට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.

සම්බන්ධයක් නැහැ කිව්ව සමහර කලාකරුවෝ ටික කාලයකින් ප‍්‍රසිද්ධියේම සම්බන්ධකම් පවත්වාගෙන යනවා. පේෂලත් එහෙම කරයිද..?
මම පුර්ණිකා එක්ක සම්බන්ධයක් තියෙනවා නම් ඒක දැන්ම ප‍්‍රසිද්ධියේ කියනවා. පස්සේ කියන්න තියා ගන්නේ නැහැ. ඒ වගේම කතාවක් තියෙනවා මම විවාහ තුනක් කරගත්තා කියලා. විවාහ තුනක් කරගන්නේ කොහෙද මම ලංකාවට ආවෙත් 2010 අවුරුද්දේ.

-------------------
පූර්ණිකා පීරිස් මේ ගැන 2017 දැක්වූ අදහස මෙසේය.

අනේ සමාවෙන්න... මම ඒ ගැන දැන් කිසිම දෙයක් කියන්න කැමති නෑ. මට පොඩි දරුවෙක් ඉන්නවානේ. එයා දැන් මොන්ටිසෝරි යනවා. ඒ දරුවාගේ ජීවිතයට අවනම්බුවක් කරන්න මම කොහෙත්ම කැමති නෑ. ඒ නිසා ඒ සම්බන්ධව මම කිසිම දෙයක් කියන්නේ නෑ. එයාලා කරන මෝඩ වැඩ මම කරන්නේ නෑ. පුතා ඉන්නේ මගෙත් එක්කමයි. මම තමයි එයාව මොන්ටිසෝරි ගෙනියන්නේ. හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.
------------
කෙසේ වෙතත් වසර 3 ක ඇවෑමෙන් පූර්ණිකා හා පේෂල එක වහලක් යටට පැමිණ තිබේ. ඔවුන් ප්‍රසිද්ධියේ විවාහ ජීවිතයට පිවිසි අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්