සුගියදා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඩ පටවලින් එළියට ආ එක් සිදුවීමක් වූයේ ප්‍රියාන් මැණික් නමින් ප්‍රකටව සිටින ප්‍රියංග පුෂ්පකුමාර ව්‍යාපාරිකයා ළමා අපචාරයක් සිදු කර එය වසන් කිරීමට දරන උත්සාහයක් පිළිබඳවයි. රන්ජන් පියුමි මුල් දුරකථන සංවාදයේදී සිද්ධිය පිලිබඳ යම් යම් ඉගි ලැබුණද
සම්පූර්ණ සිද්ධිය ගැන වැඩි කතාබහක් ඇතිවූයේ නැත.
නමුත් ඒ වනවිටත් විවිධ වීඩියෝ හා ෆේස් බුක් පෝස්ටු නිසා යහපත් ප්‍රතිරූපයක් මවාගෙන සිටි ප්‍රියාන් මැණික් තම නම ඉදිරියේ ඇතිවන්නට යන කැලල වෙනුවෙන් කැළඹුණි.

මෙම හඬ පටයෙන් පසු අතිශය

කලබලයට පත්වූ මෙම ව්‍යාපාරිකයා තම නිර්දෝෂිභාවය ගැන තමාම සහතික වෙමින් විවිධ වීඩියෝ පටවලටද පෙනී සිටි අතර ඇතැම් අවස්ථාවක බුදු පිළිමයකට අතගසාගෙන දිවුරුම් ප්‍රකාශයක් කරන අයුරුද දැකගන්නට ලැබුණි.
කෙසේ වෙතත් කණින් කොනින් මතුවූ මෙම සිද්ධිය ගැන වැඩිදුර සොයා බැලීමේදී කුඩා දැරියක අපයෝජනය කරන වීඩියෝවක්ද මෙයට සම්බන්ධව පවතින අතර ඒ ගැන දැන් පොලිස් පරීක්ෂණ පවා සිදුවේ.

සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව ඊට මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ අතර දන්වා තිබෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මගින් ඒ ගැන මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඒ අනුව මෙම හඳුනාගැනීම් කර ඇතැයි ද ඔහු කියා තිබේ.

වීඩියෝවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද ඉදිරියේ දී ඇය තවත් තොරතුරු ලබාදීමට නියමිත යැයි ද වැඩිදුරටත් කියා තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවේචන එල්ල කළ ද ළමා අපයෝජන සිදුවීමක් බැවින් සංවේදී ලෙස විමර්ශන කිරීමට සිදුව ඇතැයි ඔහු දන්වා ඇත.
රජයේ රස පරීක්ෂකවරයාට එම වීඩියෝව ලබා දී

ඊට අමතරව අධිකාරියේ පොලිස් ඒකකය මගින් වෙනම විමර්ශනයක් සිදුවන්නේ යැයි ද දන්වා ඇත.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙම සිදුවීමට බලධාරින් නීතිය ක්‍රියාමක කරන්නේ මන්දගාමීව යැයි චෝදනා කරමින් පසුගියදා කොළඹ දී උද්ඝෝෂණයක් ද පැවැත්වූ අතර නීතිඥ සේනක පෙරේරා විසින් මේ ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ද (යුනිසෙෆ් ආයතනය) පැමිණිල්ලක් කර තිබිණි.

මේ අතර යූටියුබ් නාලිකා හා ෆේස් බුක් පිටුවල ගජ මිතුරෙකු බව පැවසෙන ප්‍රියාන් මැණික් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉතා ඉක්මණින්  මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රතිචාර දක්වා තිබෙන අතර තමා නිරුවත් වි අවයව පරීක්‍ෂාවට වුවත් සූදානම් බවටත් ඔප්පු කලොත් තත්පර 10කින් බිලියනයක් දෙනවා යයිද ආකර්ෂණීය ප්‍රකාශයක් සිදු කර තිබේ.

තමන් බාල දැරියක් අපයෝජනයට ලක්කළේ යැයි එල්ලවන චෝදනාවක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්  ප්‍රියංග පුෂ්පකුමාර සඳහන් කරයි.අදාල වීඩියෝවේ සිටින පුද්ගලයා සහ තමන්ගේ අවයව පරීක්ෂා කිරීමට තමන් අවස්ථාව ලබාදීමට සූදානම් යැයිද කිසිවකු එම චෝදනාව එල්ල කරන්නේ නම් තමන් නිරුවත් වී ඒ සඳහා වන පරීක්ෂණයට ඉඩ දෙන බවද ඔහු සඳහන් කර ඇත. චෝදනාව කිසිවෙකු හෝ ඔප්පු කරන්නේ නම් තත්පර 10 ක කාලයක් ඇතුලත ඔවුන්ට රුපියල් කෝටි සියයක් ලබා දෙන බවද ඔහු තවදුරටත් කියා ඇත.

ප්‍රියාන් ගැන රන්ජන් පියුමි දුරකථන සංවාදය පහතින්