ත්නපුර, ගොඩකවෙල කන්‍යාරාමයට පිවිසෙන මාර්ගයේ කණුවක ගැට ගසා සිටි  සිසුවෙකු ගැන සමාජ මාධ්‍යවල වධ හිංසනය ගැන සාකච්ඡාවන වීඩියෝවක් නිසා මේ දිනවල කැළඹීමක් ඇති කර තිබේ.
බොහෝ අය මෙය හෙළා දකිමින් හුවමාරු කරගෙන තිබුණ අතර
පසුව ආරංචි වූයේ සිසුවාගේ උපන්දිනය දවසේ රැග් එක්ක ලෙස ඔහුව හාස්‍යට ලක්කිරීම සඳහා ඔහුගේ මිතුරන් පිරිසක් මෙම ක්‍රියාව කර ඇති බවයි.
රත්නපුර සීවලි විදුහලේ  සිසුවෙකු බව කියන මොහු ගැන ආරංචිය පැතිර යාමෙන් පසු පාසල් බලධාරීන් සිසුවාගේ දෙමාපියන් ගෙන්වා අද(25) මුලික පරීක්ෂණයක්ද පවත්වා තිබෙන බව වාර්තා වෙයි.
මේ කියන වීඩියෝව පෙරේදා(23) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනේ

එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙම සිසුවාට සිදු කර ඇති දේ හඩ නගා විවේචනය කරවන දර්ශනද සහිතවය.
 රත්නපුර පොලිසිය දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවකි.

සිද්ධියෙන් ඇතිවූ සීරීම් තුවාල නිසා සිසුවා රත්නපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බව වාර්තා විය.
මෙවැනි සිදුවීම් රත්නපුර ප්‍රදේශයේ රැල්ලක් ලෙස පවතින බවද පොලිසිය දන්වා ඇත.

මෙම සිදුවා ගැන පාසල සිදු කළ පරීක්ෂණයේදී දෙමාපියන් පවසා ඇත්තේ මෙම උපන් දින සැමරුමට සිසුවා තම කැමැත්තෙන් මිතුරන් සමග සහභාගී වී ඇති බවයි. කෙසේ වෙතත් උපන් දිනයක් මෙයාකාරයට සැමරීම අනුමත කළ නොහැකි බව විදුහල්පතිවරයා දන්වා ඇති අතර සිසුවාට වද හිංසා සිදු කිරීම හා ඒ ගැන අයෙකු යොදවා විවේචනය කිරිම හා මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කිරීම යන ක්‍රියාවන් සියල්ල සිදු කර ඇත්තේ මෙම සිසුවාගේ මිතුරන් විසින් බවද සැලව තිබේ. ඔවුන් එහි බරක් පතලක් ගැන අදහසක් තිබී නැති අතර සිදුවීම අන්තර්ජාලයේ වැඩිපුර නැරඹීම් ඇති විඩියෝවක් බවට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

එහෙත් පාසල් සිසුවෙකුගේ මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැරීමේදී මිට වඩා ආචාර ධර්ම
ගැන සැලකිලිමත් විය යුතු බව විදුහල්පතිවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.