මාජ මාධ්‍ය හරහා තමන් විසින් සිදුකරන ලද අදහස් පළ කිරීමක් නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සමාව අයැද තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ
කිසියම් පුද්ගලයෙකුට

හෝ ප්‍රජාවකට හිතාමතාම කරදරයක් කිරීමට තමාට කිසිදු අදහසක් නොමැති බවයි. තමාව සහ සහෝදරයින්ව ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රකාශයට පිළිතුරු සැපයීම පමණක් තමා විසින් එය සිදුකළ බවයි.
බිරිය හා දරුවා සමග ඡායාරූප සංසරණය වීමේදී විවිධාකාරයේ උසුළු විසුළුවලට ලක්වූ විට  “ඔබත් බිරිඳක් ලබාගෙන දරුවන් හදන්න” යයි ඔහු කෝපයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර රෝහිතගේ එම ප්‍රකාශයට එරෙහිව විවිධ අයහපත් ප්‍රචාරයන් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. ඔහු දැක්වූ එම ප්‍රකාශයෙන් යම් අයකු අපහසුතාවයට ලක්වූවාය යන අදහසින් ට්විටර් ඔස්සේ සමාව අයැද තිබේ.