සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයාට අයත් රාජගිරියේ පිහිටි ජීපීජේ ගොඩනැගිල්ල ගැන පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කරමින් විශාල මුදලකට ුලියට සපයා තිබුනේ කෘෂිකර්ම අමාත්‍යංශයටය.
ගොවි ජන මන්දිරය යොදානොගෙන මෙම ගොඩනැගිල්ල කෘෂිකර්මයට යොදාගත්තේ හිටපු ඇමති දුමින්ද දිසානායකගේ උවමනාවට බවට විවේචන පළ වු අතර එම මුදල් නාස්තිය හමාරවූ බව
කියමින් නව රජය බලයට පැමිනි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.
කෙසේ වෙතත් සබීතාගේ සැමියාට ඉන් පාඩුවක් නොවූයේ ගිවිසුම් ප්‍රකාරව 2021 දක්වා එහි කුලිය ගෙවීමට සිදුවූ බැවිනි.
මේ අතර කෘෂිකර්මය ඉන් ගියත්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා  නැවත එම ගොඩනැගිල්ල කුලියට ලබා ගැනීමට රජයේ  සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය ඊයේ දන්වා තිබේ.
ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල කුලියට ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යයි වහා හෙළි කළ යුතු බවයි.
මේ දිනවල පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන නිසා මෙසේ කුලී ගොඩනැගිල්ලකට යාම තීරණය වී ඇතැයිද ඒ සදහා මුදල් නාස්ති කතා පැත්තකට දමා එම ගොඩනැගිල්ලම ගන්නට යන බවද දන්වා ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයට එම ගොඩනැගිල්ල බදුදී තිබුනේ රුපියල් ලක්ෂ 240ක මාසික කුලියට වූ අතර රජයේ දෙපාර්තමේන්තු වලට අදාළ චක්‍රලේඛ අනුව අනුමත කරන ලද මිල ගණන් ප්‍රමිතිය උස හා වර්ග අඩි ප්‍රමාණ රීතීන් කිසිවක් එය ලබාගැනීමේදී අනුගමනය කර තිබුනේ නැති බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.
මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති වරයා සඳහන් කර තිබුනේ පැවති රජය කෘෂිකර්ම අමාත්‍යංශයට මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී කිසිදු පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කර නොමැති බවයි.
නැවතත් මෙම ගොඩනැගිල්ලම රජයේ වැඩ සඳහා යොදාගන්නේ මෙම ගැටලුද පවතිද්දීය.