විවිධ තාඩන පීඩනවලට ලක්වී කොන්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනාට සමගි ජනබලවේගය
සමග  එක්වන ලෙස
ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සඟ, වෙද, ගුරු , ගොවි, කම්කරු පංච මහා බලවේගයේ බිම් මට්ටමේ සිට නායක මට්ටම දක්වා  වූ සියලු දෙනාටම මෙම විවෘත ආරාධනය කරන  බව ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරිලිමේන්තු සංකීරණයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායකවරයා කීය.

වත්මන් ආණ්ඩුව පිළිබඳව කලකිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආශිර්වාදයෙන් සමගින් ජන බලවේගය ඉදිරි මහමැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගන්නා බව ද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.