වේ.
මෙහි ක්‍රීඩා වැරැදි විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ නැතහොත් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජේ.එච්. ෆොන්සේකා මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස පොලිස් අධිකාරී එස්. එම්.ජේ. සමරනායක මහතා කටයුතු කරයි. මීට අමතරව මෙහි කටයුතු ඉතා විධිමත් ලෙස සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහායක නිලධාරින් පිරිසක්ද සේවයේ යොදවා ඇත.
මෙම පනත යටතේ මූලිකවම ක්‍රීඩාවලට එරෙහි වැරැදි හතරක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලැබී ඇත. ඒ අනුව ක්‍රීඩාවල තරඟ පාවාදීම, දූෂණය, නීතිවිරෝධී
මෙවැනි වරදක් සිදුකිරීමට ආධාර දෙන, අනුබල දෙන, ඊට තැත් කරන, කුමන්ත්‍රණ කරන හෝ යම් වරදක් සිදුකිරීමට යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තෙකු වෙත ප්‍රවේශ වන, පොලඹවන, බලපෑම් කරන හෝ ඒ තැනැත්තෙකුට හැකියාව ඇති කරන හෝ පහසුකම් සැලසීමද වරදකි.
එමෙන්ම මෙම පනතේ 04 වැන්නේ සිට 08 වැන්න දක්වා වගන්තිවල නිශ්චිතව දක්වා ඇති වරදක් සිදුකරන යම් තැනැත්තෙකු වරදකරු කරනු ලැබීමේදී, රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ යටත් විය යුතුය.
උක්ත වැරැදි සම්බන්ධයෙන් පැමිණිලි හා තොරතුරු ලිඛිතව, පැමිණීමෙන් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයකින් ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා හෝ මෙම පනත යටතේ පිහිටුවන ලද විශේෂ විමර්ශන ඒකකය වෙත හෙළිදරව් කිරීමේ හැකියාව ඇත. මීට අමතරව මෙම විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබෙන සියලු හෙළිදරව් කිරීම් හා පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන යටතේ විමර්ශනය කොට නඩු පැවරීමේ කාර්යය සඳහා
එසේම අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට හෙළිදරව් වන අවස්ථාවක නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාවට අදාළ විමර්ශන වාර්තාව යොමු කිරීම සිදු කෙරේ. මෙම ඒකකය වෙත සුවිශේෂී බලතල රැසක් පනත මගින් පැවරී ඇති අතර, යම් වරදක් අනාවරණය කර ගැනීමටද, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමටද ඉවහල් වන තොරතුරු සපයන තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීමේ කාර්යය සඳහා ත්‍යාග අරමුදලක් පිහිටුවීමේ කටයුතුද සිදුකරමින් ඇත.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල, ක්‍රීඩාවල වැරැදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජේ. එච්. ෆොන්සේකා, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී එස්.එම්.ජේ. සමරනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.