ඊයේ හම්බන්තොට, සුරියවැව ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය නැරඹීමට ඇතුළුවීමට ඉඩ කඩ සපයා තිබුනේ දොරටු 2 ක් පමණක් වීම නිසා අධික තදබදයක් පාලනය කරගන්නට බැරිව ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩා පිටි බලධාරීන්
අතර ආරවුල් ඇති විය. එම අවස්ථාවේ ආරක්ෂක අංශද කැඳවූ අතර තත්වය පාලනයට පහරදීම්ද සිදු කර තිබේ. පැමිණි ප්‍රේක්ෂකයින්ට
 සිදුකළ පහරදීම සම්බන්ධයෙන් වහා
පරීක්ෂණයක් සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
එම පහරදීම තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඔහු Twitter සටහනක් තබමින් පවසා තිබේ.
එමෙන්ම එවැනි සිදුවීම් යලි ඇතිනොවීමට රජය කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා එහි දක්වා තිබෙයි.
ඔහුගේ සටහන මෙසේය.

   " සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂයින්ට පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර කඩිනම් පරීක්ෂණයක් පවත්වා නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතුය."