මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්  අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් අද(27) සිට ඉවත් වු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු
මහතා පැවසීය.

ඉගැන්වීම් කටයුතු හැර සියලු  බාහිර කටයුතුවලින් ඉවත්වීමට ගුරු හා විදුහල්පති සංගම් ගෙන ඇති තීරණය අනුව  මෙම පියවර ගෙන ඇතැයි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

“විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම  විභාග දෙපාර්තමේන්තුව විසින් කළ යුතු වුවත්  විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු ද ගුරුවරුන් පිට පටවලා. උතුරු මැද පළාතේ ද සියලු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මේ වර්ජනයට  සක්‍රීයව දායක වෙලා.

මේ ගැන අපි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වෙරයාට හා පලාත් අධ්යාලපන අධ්යතක්ෂවරුන්ට දැනුම් දුන්නා. මෙම ක්‍රියා මාර්ගය යටතේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු පමණක් කරනවා. අධ්‍යාපන බලධාරීන් කැඳවනවන කිසිම  වැඩසටහනකට යන්නේ නැහැ. ඒවාගේම කුඩා තරග සඳහා ගුරුවරුන් සිසුන් රැගෙන යාමෙන්ද ඉවත් වෙනවා.

මේවන විටත් පාසල් වේලාවෙන්  පසු සිසුන්ට ඉගැන්වීමේ  වැඩසටහනද නවතා දමා තිබෙනවා. එසේම  කිසිම රාජ්‍ය  උත්සවයක්, තූර්යවාදක කණ්ඩායම් සදහා සිසුන් ඉදිරිපත් කිරීමට  ගුරුවරුන් සහභාගී වන්නේ නැහැ. මෙවර අනුරාධපුර පැවැත්වෙන යෞවන ක්‍රීඩා උලෙළ සඳහා ජනාධිපති හා අගමැති  සහභාගිවීමට නියමිතව තිබෙනවා. ඒ සඳහාද තූර්ය වාදක කණ්ඩායම් සමග යාමට ගුරුවරු ඉදිරිපත් වන්නේ නැහැ.

මෙම  ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදුන්නේ නැතිනම්,  ලබන මාසයේ දින 5ක වැඩ වර්ජනයක්  කරනවා” යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(දයාරත්න ඇඹෝගම)