ක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරවාරයේ එරට විශාල විරෝධතා පැන නැගී තිබුණි. ට්‍රම්ප් පැමිණීමට දිනකට පෙර ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ නව පුරවැසි නීතියට විරෝධය පළ කරමින්
විශාල ජනකායක් විරෝධතා දැක්වූ අතර විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නටද සිදු විය.
අසල්වැසි රටවල මුස්ලිම් බහුතර ජාතීන්ගෙන් මුස්ලිම් නොවන අයට පුරවැසිභාවය ලබා ගැනීමේ මාවත ලිහිල් කරන ඉන්දියාවේ පුරවැසි සංශෝධන පනත මෝදි රජය ගෙනවිත් තිබෙන අතර එයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් දෙකක් මහජන රැළි පවත්වමින් උද්ඝෝෂණ අරඹා තිබුණි.


ඉරිදා පැවති විරෝධතාවලදී  නව නීතියට සහය දක්වන සිය ගණනක් ජනයා එයට විරුද්ධ වූවන් සමඟ ගැටුම් ඇති කර ගත් අතර, කණ්ඩායම් දෙක නගරයේ ඊසානදිග කොටසේ මවුජ්පූර් ප්‍රදේශයේ ගල් ගසමින් එකිනෙකාට පහර දුන් සිදුවීම්ද වාර්තාවී තිබුණි.

මෙම විරෝධතා වලට ට්ම්ප්ගේ‍ර පැමිණීම සෘජුව සම්බන්ධවන්නේ නැති නමුත් විදේශ මාධ්‍ය තුළ ඉන්දියාව කැපී පෙනෙන මෙම අවස්ථාවේ ට්‍රම්ප් රට තුළ ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්නය මෝදි සමඟ සාකච්ඡා කරනු ඇතැයි විරෝධතාකරුවන් අපේක්ෂා කර තිබුනේ ට්‍රම්ප් මුස්ලිම් විරෝධියෙකු වන නිසාය.
ඉන්දියාවේ සංචාරය ආරම්භයේදීම ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ටජ්මහල වෙත ගිය අතර පසුව'Namaste Trump' නමස්තේ ට්‍රම්ප් නමින් ඔහුව පිළිගැනීමට මොටෙරාහි සාර්දා පටෙල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවිධානය කළ උත්සවයට එක්විය.

මෙගා රැලි පැවැත්වීමේ මෝදිගේ දක්ෂතාවය සැලකිල්ලට ගෙන විශාල පිරිසක් අමතන්නට තමන්ට අවශ්‍ය බව ට්‍රම්ප් දන්වා තිබීම නිසා එය සංවිධානය කළ බව පැවසේ.
මේ අතර ඇමරිකානු ජනපතිවරයාට විරුද්ධ විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ඉන්රැදීය කොමියුනිස්සට්ක් පක්ෂ  අධිරාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ගණනාවක්ම ඉන්දියාව පුරා සංවිධානය කර තිබූ අතර ඒවායෙන් දක්වා තිබුනේ ට්‍රම්ප් ඉන්දියාවෙන් එළවා දමනු යන්නයි.