මාස කිහිපයක් තිස්සේ විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන්
මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ මහත්වරු පවසති. මීට සතියකට පමණ ඉහතදී රුපියල් 500ක් ලෙස පැවති කැරට් කිලෝවක මිල ඊයේ (27) වනවිට රුපියල් 100 දක්වා ද, රුපියල් 300ක් වශයෙන් පැවැති බෝංචි කිලෝවක මිල රුපියල් 200 දක්වාද, රුපියල් 250කට පැවැති ලංකා අල කිලෝවක මිල 160 දක්වාද රුපියල් 700කට පැවැති රතුලුනු කිලෝවක මිල රුපියල් 300 දක්වාද, රුපියල් 350ක් ලෙස
පැවැති ලොකු ලූනු කිලෝවක මිල රු. 190 දක්වා ද පහළ බැස ඇති බව මැනිං වෙළෙඳපොළේ වෙළෙදෝ පැවසූහ.

මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබුණ ද, කොළඹ නගරයේ ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එළවළු මිල ගණන් ඒ ආකාරයෙන් පහළ බැස ඇති බවක් දකින්නට නොලැබිණි.
 -නිර්මාණි ගුණරත්න-