සුගිය පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාවෙන් පසු රටේ ආරක්ෂාව පිණිස හදිසි නීතිය යටතේ මුහුණු ආවරණය සම්බන්ධ නව නීති මෛත්‍රිපාල රජය හඳුන්වාදුන් අතර මුස්ලිම් කාන්තාවන්ට මේ නිසා බුර්කාව හෝ නිකාබ් ඇඳුම් ඇඳීම තාවකාලික තහනමකට ලක්විය.ඒ අනුව යමින් වෙළෙඳසැල්වල ආරක්ෂාව පිණිස
ඇතුළුවීමේදී මුහුණු ආවරණය සම්බන්ධ නීතිරීති උපදෙස්

ඇතුළත් ස්ටිකර පවා ඇලවිණි.

කෙසේ වෙතත් රජය එකල මෙම නීතිය පැනවූයේ ස්ථිර නීතියක් ලෙස නොවේ. හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමත් සමග එම නීතියේ බලාත්මක භාවයද අහෝසි විය.

 නමුත් මාස කිහිපයක් දැඩිව බලපෑ බුර්කා නීති තවම පවතී යයි ඇතැමෙකු කල්පණා කරන අතර නීතිය පැනවීමට හා සමාන ප්‍රචාරයක් නීතිය ඉබේ අහෝසිවී යාමේදී නොලැබුණ නිසා තවමත් ඒ ගැන තර්ක විතර්ක ගොඩනැගී පවතී. එසේම එසේ ඇළවුණ ස්ටිකර පවා තවම ගැලවී නැත.

මේ සමග පළවන්නේ මෙම සංසිද්ධිය මත පදනම්ව පසුගියදා වත්තල පිහිටි ආර්පිකෝ සුපිරි වෙ‍ෙළඳ සැලකදී මුස්ලිම් කාන්තාවක හා සිංහල පුද්ගලයෙකු අතර ඇතිවූ සංවාදයකි.
මෙම වීඩියෝව මේ වනවිට විවාද මතුකරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.