ගම්පහ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 44 ක් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා සුදු වෑන් ප්‍රවෘත්ති
සාකච්ඡාවට එක් වූ දෙදෙනා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.


උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ සැකකරුවන් සමග ටී 56 ගිනි අවියක් හා සෙල්ලම් පිස්තෝලයක් ද සිය භාරයට ගත් බවයි.මෙම දෙදෙනා සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිට ඇප මත නිදහස්ව සිටි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අපරාධ කරුවන් ලැයිස්තුවට අයත් දෙදෙනෙකු බවට වාර්තා පළව තිබුණි.