ශරීර වර්ධනය පිණිස මුහුණුපොතේ පළව තිබූ ශාකයක කොළ වර්ගයක් ඖෂධයක් ලෙස පානය කළ බව කියන 36 හැවිරිදි පුද්ගලයකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ දින හයක් ප්‍රතිකාර
ලබමින් සිට පෙරේදා (3) අලුයම
ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පහ, මොරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හෙට්ටිතන්තිරිගේ නිලූෂ ඉෂාන් පෙරේරා නමැති 36 හැවිරිදි අයෙකි.

මොහු ශරිර වර්ධනය සහ ස්නායු වර්ධනය පිණිස යැයි කියමින් මුහුණු පොතෙහි පළව තිබූ ශාක වර්ගයක කොළ කොටා එහි ඉස්ම පානය කොට ඇති බවත් ඉන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් මත රෝහල්ගත කර ඇති බවත් ප්‍රතිකාර ලබමින් සිට පෙරේදා (3) අලුයම මියගිය බවත් ගම්පහ රෝහල් ප්‍රකාශකයෙක් කිය.. මියගිය තැනැත්තා විවාහ වී සිට බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති අයෙක් බව ද කියති.

 ඉකුත් අඟහරුවාදා මෙම තැනැත්තා කොළ වර්ගය අනුභව කොට ඇති බවත් ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයෙහි පෙරේදා අලුයම දක්වා ප්‍රතිකාර ලැබූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසිය.


-තිලකරත්න දිසානායක-