නව කොරෝනා වෛරසය ආසාදනය වු පළමු දෙදෙනා වූ සංචාරක මාර්ගෝපදේශකයින් දෙදෙනාගේ ඥාතීන් වශයෙන් සැලකෙන කොරෝනා සැක පුද්ගලයින් 13 දෙනෙකු අද (13) රෝහල් ගතකර ඇති බව සෞඛ්‍ය
සේවා අධ්‍යක්ෂ ජනරාල්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාපවසා තිබේ.
අද රෝහලට ඇතුළත් කළ මෙම පුද්ගලයින් ඊයේ වනවිට සොයාගත් ලාංකික කොරෝනා රෝගීන් දෙදෙනාගේ ඥාතීන් සහ ඇසුරු කළ පුද්ගලයින් වන අතර ඔවුන් අතර කුඩා ළමුන් 04ක්ද සිටින බව ඔහු කීවේය.
දෙවැනි ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් 12 දෙනෙකු අතරින් 8 දෙනෙකු ද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුලත් කර තිබේ. දෙවැනි ආසාදිතයාද කොළඹ ප්‍රදේශයේ අයෙකු වන අතර පදිංචිව සිටි නිවස ද මේවන විට නිරෝධානය කරමින් පවතින බව වාර්තා කෙරිණි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 62 දෙනෙකු මේ වන විට රෝහල් 13 ක ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයින් 5 දෙනෙකුට මේ වනවිට ආසාදනය තහවුරුවී ඇත.