නිරෝධායනයට යොමු කළ බවත් සැක සහිත නිවාස දහයක් ජීවානුහරණය කළ බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතා පැවසීය.
එහිදි විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටින පිරිස් පීළිඹඳව මහජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ මෙම වැටලීම් සිදුකල බව ඒ මහා පැවසීය.
මෙම පරික්ෂාවේදී ඉතාලිය, එංගලන්නය, ප්‍රංශය, කාරියාව, මැදපෙරදිග, වැනි රටවලින් පැමිණ සිටි විදේශිකයන් සහ ලාංකිකයන් හමු වු බව සඳහන් කරන ඒ මහතා නිරෝධානය සඳහා අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දුන් බව පැවසීය.
එම නිවෙස් වලින් හමු වු සෙම්ප්‍රතිශ්‍යාව හැදුණු රෝගියෙක් කොරෝනා ආසාධිතයෙක්ද යන්න තහවුරු කර ගැනිමේ පරික්ෂාවට ජාතික රෝහලට යොමු කළ බව සඳහන් කළ ඒ මහතා කොරෝනා බවට තහවුරු වු රෝගියෙක් මෙතෙක් වාර්තා නොවු බව පැවසීය. මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.
(රේඛා තරංගනී ෆොන්සේකා)