7.40pm
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් තවත් 09 දෙනෙකු වාර්තාවූ බවත් එකතුව 43ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
5.00pm
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහගේ දෛනික යාවත් කිරීම අනුව අද දින (17) වනවිට තවත්
කොරෝනා රෝගීන් 6 දෙනෙකු

හදුනාගෙන ඇති අතර මේ වනවිට ශ්‍රී ලාංකික ආසාදිතයින් ගණන 34 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම 6 දෙනා අතර  සංචාරක මගපෙන්වන්නාගේ බිරිය, ජර්මනියේ සංචාරයට ගිය අයෙකුගේ පවුලේ අයෙකු, එංගලන්තයේ සිට පැමිණි අයෙකු ,කැලණිය අයෙකු , මාරවිල අයෙකු හා උඩුගම්පොළ වාසය කරන කටාර් සිට පැමිණි අවුරුදු 25 තරුණයෙක් මේ අය අතර සිටින බව දන්වා සිටියේය.