හමුදා නිලධාරියෙකුටද කොවිඩ්-19 කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙළි දරව් කර තිබෙනවා.
මාර්තු මස 10 හා 11 දින තුළ කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට විරුද්ධ වෙමින් කළහකාරි ලෙස හැසිරුණු අවස්ථාවේදී එය පාලනය කිරිමට දායක වු හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මාර්තු 16 දින ගුවන්විදුලි වැඩසටහනකට එක්වෙමින් හමුදාපතිවරයා කියා සිටියා.
මුහුණු ආවරණ ගලවමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට ඍජුව මැදිහත් වී ඇති අදාළ නිලධාරියා කටයුතු කළ අවස්ථාවේදී වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බව හමුදාපතිවරයා පෙන්වා දුන්නා. කෙසේ වතත් මෙවැනි අවස්ථාවක නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගැනීමේ අවශ්‍යතාවයද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළා.