දියතලාව නිරෝධායන මධස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුඩා දරුවෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්
අද (17) සවස බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.

වයස අවුරුදු තුනක දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු බැඩබිමෙහි නිරෝධායන කඳවුරේ නිරෝධායනයවෙමින් සිටි කුඩා දරුවෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත්ව සිටි මෙම දරුවාට උණ ඇතුළු රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සඳහා මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

(ඩී.කේ.රත්න)