බේකරි නිෂ්පාදන නිවෙස්වලට ගොස් අලෙවි කිරීමට අවසර දී තිබුණද මේ වන විට සේවකයන් නිවාඩු ගොස් සිටින නිසා එම කටයුත්ත සියයට පනහකින් අසාර්ථක වී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති
එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය.
ක්‍රියාත්මක ඇඳිරි නීතිය නිසා බේකරිවල නිෂ්පාදනය නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී තිබෙන අතර පැය කිහිපයකට පමණක් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් මෙම තත්ත්වය සාමාන්‍ය අතට පත් නොවනු ඇතැයිද ඒ මහතා කීය.
තවත් දින තුන හතරක් මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළහොත් පාන්, බනිස් ඇතුළු පිටි ආශ්‍රිත ආහාර පානවල හිඟය උග්‍ර වනු ඇතැයිද ජයවර්ධන මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ