කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක් වන කලම්බු සිටි සෙන්ටර්හි 3 වන මහලින් බිමට පැන ඊයේ (29) පුද්ගලයෙකු දිවි නසාගෙන තිබේ. දහවල් 12.15 ට පමණ
මෙම සිදුවීම සිදුව ඇත.
මෙම ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි විවෘත බැල්කනියකින් පැන ඇති මෙම පුද්ගලයා වැටුණ ස්ථානයේම මියගොස් ඇති බව වාර්තා විය.
වැඩිදුර විමර්ශනයේදී මියගිය අය වයස 57 ක් වූ කොළඹ 15 ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව අනාවරණය කරගත් බව පොලිසිය දන්වා ඇත. දිවි නසාගැනීමට හේතුව තවම අනාවරණය නොවේ. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කරන ලද අතර සිරුර මේ වනවිට ඥාතීන්ට ලබාදී ඇති බව පොලිසිය දන්වා තිබේ.