කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට
ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා තිබෙනවා.
මෙම වැඩ පිළිවෙළ හෙට දින 14 සිට ආරම්භ වන අතර ජලය හා දෑත් සේදීමට ගන්නා ද්‍රව්‍ය නොමිළේ ලබා දීමටත් ඒ සඳහා වන පහසුකම් ලබා දීමටත් පියවර ගෙන තිබේ.
මෙම වැඩ පිළිවෙළ අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීම ජාතික ගමනාගමන කොමිසමේ අපේක්ෂාව වන අතර කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා මගී ජනතාවගේ සහයෝගය ලබා ගැනීම ජාතික වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.