රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසනවා.
එම රෝගියා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට රත්නපුර මහ රෝහල මගින් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පැවසුවා.


මෙම වෛරස ආසාදිත පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ අයෙකු බව සෞඛ්‍ය අංශ කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබෙනවා.

රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත යැයි තහවුරු වී නොමැති සැක සහිත රෝගීන් 14 ක් අතරින් රෝගීන් 7කට වැඩි ප්‍රමාණයකට පරීක්ෂණ පවත්වා ඇති අතර
අන් අයට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව රෝගීන්ගේ සාම්පල පරීක්‍ෂණ වාර්තා අනුව තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.