නව කොරෝනා තදින් පැතිර යමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කිරීම සඳහා හෙට (09) නව මධ්‍යස්ථාන දෙකක්
ස්ථාපිත කෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මඩකලපුවේ ඉදිවෙමින් තිබෙන විශ්ව විද්‍යාලයේ (ෂරියා විශ්ව විද්‍යාලය) සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කෙරෙන බවද වෛද්‍ය සමරවීර මහතා කීය.

මේ අතර අද (08) වනවිට කොරෝනා රෝග ලක්ෂණ සහිත සැක රෝගීන් අට දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටි බවද ඔහු සඳහන් කළේය.

එම රෝගීන්ගෙන් දෙදෙනෙකු අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බවද සමරවීර මහතා කීය.
(රංජන් කස්තුරි)