පුද්ගලික රෝහල්වලට කොරෝනා වෙෙරසය (COVID19) සඳහා පරීක්ෂා කිරීමට අවසර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද පවසා තිබේ. පෞද්ගලික අංශයට මෙම පරීක්ෂණය ලබාදෙන්නේ නම්
දැඩි පාලනයක් සහිත ක්‍රමයකට එය සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළෙය. “පරීක්ෂා කරන්න ඔනෙ පරීක්ෂණය කළ යුතු අයගෙ පමණයි. එහෙම නැත්නම් මේක වෙළදාමක් බවට පත්වෙනවා” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේය.


කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් වෙෙද්‍ය පර්යේෂණ ආයතනයෙන් පෙර සිදුවූ අතර දැන් කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල , අනුරාධපුර ශික්ෂණ රෝහල යන රෝහල් 3 ට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන ස්ථාන වලදී පරීක්ෂාකිරීමට පහසුකම් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියාතිබේ.

කොරෝනා පරීක්ෂණ කොළඹ පුද්ගලික රෝහලක් මගින් රුපියල් 17000 මිලට සිදු කරන බවට පැවති ප්‍රචාරය ගැන විවේචන මතුව තිබූ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එය ගසාකෑමක් ලෙස හඳුන්වා දී තිබුණි. මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපතිවරයා දන්වා තිබුවේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් පමණක් අදාළ පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාණවත් නැති බවත් කරාපිටිය, මහනුවර, අනුරාධපුර එය රජයේ මැදිහත්වීමෙන් ඇරඹිය හැකි බවත්ය.එම යෝජනාව මේ වනවිට ක්‍රියාත්මක මට්ටමට පැමිණ තිබේ.