ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබා දී තිබෙනවා.

එම ආයතන වල කටයුතු ලබන මාර්තු 30වනදා සිට යලි ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.



ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ වන විය රජයේ සියලු පාසල් සඳහා අප්‍රේල් 20වනදා දක්වා නිවාඩු ලබා දී ඇති අතර පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් සඳහාද නිවාඩු ලබා දී තිබෙනවා.

එමෙන්ම දහම්පාසල්, උපකාරක පන්ති සහ විශ්ව විද්‍යාල සඳහාද නිවාඩු ලබා දෙනු ලැබුවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙනයි.