මෙම ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සතියේ ආරම්භ වීමට නියමිත ව තිබුණේ ගාල්ලෙනි. ඒ සඳහා 3000 කට අධික එංගලන්ත ක්‍රිකට් රසිකයන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත ව තිබිණි.
මෙම සංචාරය සම්න්ධයෙන් එංගලන්ත ක්‍රිකට් පිල මුල පටන්ම ආරක්ෂක නිර්ණායක යොදා ගෙන තිබිණි.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන් අතට අත දීම සිදු නොකිරීමටත්, මාධ්‍යවලින් මීටර 2 ක් ඈත්ව සිටීමටත් තීරණය වී තිබිණි.
ක්‍රිකට් රසිකයන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී නොසිටීම සහ ඔටෝග්‍රාෆ්ස් අත්සන් නොකිරීම ද ඔවුන් විසින් ගෙන තිබූ පූර්ව ආරක්ෂක නියාමනයන් කිහිපයකි.