කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙයි.
මෙම පාලනය එක්දිනකින් සිදු කළ නොහැකි බවත් සතියක් තුළ සියලු කටයුතු නවතා තැබීමෙන් ව්‍යාප්තිය පාලනයට විශාල රුකුලක් ලැබෙනු ඇති බවත් ඔවුන් දන්වා ඇත.
මීට අමතරව රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය වරායන් සහ ගුවන් තොටුපළවල් වැනි රටට වෛරස විෂබීජ ඇතුළුවිය හැකි ස්ථාන ගැනද අදහස් දක්වා ඇති අතර රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් වසා දමන ලෙසත් ඒ මගින් සැකයකින් තොරව මෙම අර්බුදය විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
අද (16) දින රජයේ බැංකු හා වෙළෙද නිවාඩු දිනයක් කළද එය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න දහවල් 2 වනතුරු රජයේ පාර්ශ්වයෙන් දැනුම් දීමක් කර නැත. කෙසේ වෙතත් සවස් කාලයේ ලැබෙන වෛද්‍ය වාර්තා හා අනෙක් කරුණු සැලකිල්ලට ගෙන නිවාඩුව දීර්ඝ කරනු ඇති බවට කටකතා පැතිර තිබේ.