අද දින ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කතාවක් සිදු කළේය.
කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සදහා තම රජය මෙතෙක් ගත් පියවර හා වැඩ කොටස කෙටියෙන් විස්තර කළ ජනපතිවරයා අප්‍රේල් මස
මහමැතිවරණයේදී ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ අගමැති කරවන්නට ශක්තිමත් ජනවරමක් දෙන ලෙස ඉල්ලා සිටියේය. කතාව අවසන් කළේ

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක මිල රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට හා සැමන් ටින් එකක් රුපියල් 100 කට විකිණීමට නියෝග කළ බව සහ බැංකු සහ මුල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට නියෝග කර ඇති බව දක්වමිනි. බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොලියකට ලබාදීමට නියෝග කර ඇති බවද කීවේය.

සම්පූර්ණ කතාව පහතින්