දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති
බවයි.
සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව දිවයිනේ දඹදිව සංචාර සංවිධානය කරන සියලු ආයතන වෙත ඉදිරි සංචාර නතර කරන්නැයි අමාත්‍යංශය දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ දකුණු ප්‍රදේශ හා උතුරු ප්‍රදේශ වෙත වාර්ෂිකව විශාල පිරිසක් සංචාර සඳහා ගමන් කරන අතර බොහෝ විට වයෝවෘද්ධ පිරිස් මේ සඳහා එක්වේ.
කොරෝනා වෛරසය ආසාදනය වීමේදී විශේෂ දුර්වලතා පෙන්නුම් කර ඇත්තේ වයෝවෘද්ධ පිරිස්ය.
ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 40 ක් හමුව තිබෙන අතර ඉන් සුවය ලබා ඇති ගණන 3 කි. මරණ වාර්තාවී නැත.